මාතෘ සහ නවජාත ටෙටනස් රෝගය තුරන් කිරීම අඛණ්ඩව වසර 10ක් පවත්වාගෙන යාම සහ මැලේරියා රහිත තත්ත්වය දශකයක් පුරා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ.
සැප්තැම්බර් 8 වැනිදා නිකුත් කළ සහතිකයකින් WHO හි අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය, මහජන සෞඛ්‍යය සහ රෝග තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව දක්වන කැපවීම අගය කර තිබේ.
ශක්තිමත් ජාතික කැපවීම, ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා, ආරක්ෂිත දරු ප්‍රසූති ක්‍රමවේද සහ මැලේරියාව යළි ස්ථාපිත වීම වැළැක්වීම සඳහා අඛණ්ඩ අවධානය මෙම ජයග්‍රහණ සඳහා හේතු වී ඇති බව WHO පෙන්වා දී තිබේ.
2016 වසරේදී WHO වෙතින් මැලේරියා රහිත රටක් ලෙස සහතික කිරීම ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව වසර 10ක් පුරා එම තත්ත්වය පවත්වාගෙන ගොස් තිබේ.




