ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකින් අතුරුදන්ව සිටි ‘අග්බෝ’ හස්තියා නාච්චාදූව රක්ෂිතයේදී සොයාගත් බව ආරක්ෂක ලේකම්වරයා තහවුරු කර තිබෙනවා.
පසුගිය දිනවල අතුරුදන්ව සිටි මෙම හස්තියාගේ සෞඛ්ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම ඊයේ (19) දියත් කර තිබුණේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මතයි.




