හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

වනඅලින්ට ආහාර දෙන රියැදුරන්ට නීතිය

කතරගම – බුත්තල මාර්ගයේ රැඳී සිටින වනඅලින්ට නීතිවිරෝධී ලෙස ආහාර ලබාදෙන රථවාහන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වාහනවලින් බැස හෝ වාහන තුළ සිට වනඅලි…

By Site Administrator1 මිනිත්තු කියවීම
වනඅලින්ට ආහාර දෙන රියැදුරන්ට නීතිය

කතරගම – බුත්තල මාර්ගයේ රැඳී සිටින වනඅලින්ට නීතිවිරෝධී ලෙස ආහාර ලබාදෙන රථවාහන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වාහනවලින් බැස හෝ වාහන තුළ සිට වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්‍රිතව රැඳී සිටීමට හුරුවී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි. මේ හේතුවෙන් රථවාහනවලට වනඅලි විසින් සිදුකරන අනතුරු ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට මාර්ගයේ වනඅලි අට දෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී ඇති බව සඳහන් වේ.

යාල ජාතික වනෝද්‍යානයේ අංක 02 කලාපයට අයත් මෙම මාර්ගය ඔස්සේ දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් ධාවනය වන අතර, පසුගිය වසර හයක කාලය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම වසරකට රථවාහන 100කට අධික සංඛ්‍යාවකට හානි සිදුවන බවද වාර්තා වේ.

ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් පැවසුවේ, වනසතුන්ට පීඩා වන ලෙස කටයුතු කිරීමේ චෝදනාව යටතේ වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර අදාළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න