හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

රුවන්වැලි සෑය අසල උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව රුවන්වැලි මහ සෑය අසල සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරතව සිටින භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට තවත් පිරිසක් පැමිණීමත් සමඟ අද (12) එම ප්‍රදේශයේ උණුස…

By Site Administrator1 මිනිත්තු කියවීම
රුවන්වැලි සෑය අසල උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව රුවන්වැලි මහ සෑය අසල සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරතව සිටින භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට තවත් පිරිසක් පැමිණීමත් සමඟ අද (12) එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එම උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මැදිහත් වී ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.

යෝජිත සංවර්ධන ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙස බලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් දින කිහිපයක සිට මෙම විරෝධතාවයේ සහ උපවාසයේ නිරතව සිටිති.

මේ වන විට විරෝධතා පැවැත්වෙන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, අදාළ විරෝධතා ස්ථානය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ නියෝග ද නිකුත් කර තිබේ.

Image: Hiru news

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න