හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

බලංගොඩ කස්සප හිමි ඇතුළු 7 දෙනා රිමාන්ඩ්

අනුරාධපුර පූජා නගරයේ මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් හත්දෙනකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පූ…

By Site Administrator1 මිනිත්තු කියවීම
බලංගොඩ කස්සප හිමි ඇතුළු 7 දෙනා රිමාන්ඩ්

අනුරාධපුර පූජා නගරයේ මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් හත්දෙනකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පූජා භූමිය තුළ විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් මීට පෙර නිකුත් කර තිබූ අධිකරණ නියෝග කඩ කළ බවට එල්ල වූ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම සැකකරුවන් හත්දෙනාම මානසික වෛද්‍ය පරීක්ෂණවලට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කරගැනීමේ පරීක්ෂණවලට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළ කිරීම සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා රුවන්වැලි මහා සෑය අසල මෙම උපවාසය ආරම්භ කර තිබුණි.

පසුගිය බ්‍රහස්පතින්දා (12) රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඇතුළු පිරිසක් විරෝධතාව පැවති ස්ථානයට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී සද්ධාරතන හිමියන්ගේ හිසට තුවාල සිදුවීම හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කර තිබේ.

පසුව පොලිසිය මැදිහත් වී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න