ශ්‍රී ලංකාවේ පසුගිය වසර තුළ නව එච්.අයි.වී. ආසාදිතයින් 860 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
ලොව පුරා එච්.අයි.වී. ආසාදන ඉහළ යමින් පවතින රටවල් 21 අතර ශ්‍රී ලංකාවද ඇතුළත් බව එම වැඩසටහන සඳහන් කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මේ දක්වා ලියාපදිංචි කර ඇති එච්.අයි.වී. ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 7,403 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ සිව්වන කාර්තුව අවසන් වන විට දිවයින පුරා පුද්ගලයන් 1,217,419 දෙනෙකුට එච්.අයි.වී. පරීක්ෂණ සිදුකර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.




