2027 අයවැය යෝජනා විවේචනය කරමින්, පැය පහක කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබුණේ ගිරාපෝතක අයවැයක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
2027 අයවැය ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
දුප්පත්කම තුරන් කිරීම සඳහා අයවැයෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
මෙරට ලක්ෂ 220ක් වන ජනතාව මුහුණ දෙන බරපතළම ගැටලුවලට අයවැයෙන් විසඳුම් ඉදිරිපත් කර නොමැති බවත්, ජීවත්වීමේ අරගලය, භාණ්ඩ මිල ඉහළ යාම, ජීවන වියදම වැඩිවීම සහ උද්ධමනය වැනි ගැටලුවලට ජනාධිපතිවරයා අයවැය තුළින් පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවත් ඔහු පැවසීය.
දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම සඳහා කිසිදු විධිමත් වැඩපිළිවෙළක් අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




