හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති මංකොල්ලකෑමේ නඩුවේ තීන්දුව අද (13) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
2009 අගෝස්තු 12 වැනිදා නාරාහේන්පිට මංසන්ධිය අසලදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා, සහල් පිරවූ ලොරි රථයක්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
පසුගිය 3 වැනිදා මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අද (13) තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබුණි.




