ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනය සිය කනගාටුව පළ කර තිබෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (15) වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines නියෝජිතයින් අතර පැවති හමුවකදී එම ආයතනයේ නිලධාරීන් සිය කනගාටුව පළ කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශනයක් සිදු කිරීමටත්, ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය නිසි ලෙස තක්සේරු කර කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් එහිදී තීරණය කර තිබෙනවා.
හංගේරියාවේ පැවති World Athletics Ultimate Championship තරගාවලියෙන් අනතුරුව රුමේෂ් තරංග ඊයේ (15) අලුයම යළි දිවයිනට පැමිණ තිබුණා.
කෙසේ වෙතත්, තරග සඳහා ඔහු රැගෙන ගිය හෙල්ල පහම ගුවන් ගමන අතරතුර සම්පූර්ණයෙන්ම කැඩී තිබීම පිළිබඳව අවධානය යොමුව තිබුණා.
එම හෙල්ල පහේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව වාර්තා වනවා.




