හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

මෙට්‍රෝ බස් පිරිසිදු කිරීමේ සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ මෙට්‍රෝ බස් රථ පිරිසිදුව හා ගමනාගමනය සඳහා සූදානම්ව තබා ගැනීමේ කාර්ය මණ්ඩලයට එක්වීම සඳහා ‘බස් රථ පිරිසිදු කිරීමේ සහායක’ තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ඒකල, කඩවත, රත්ම…

By Site Administrator1 මිනිත්තු කියවීම
මෙට්‍රෝ බස් පිරිසිදු කිරීමේ සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ මෙට්‍රෝ බස් රථ පිරිසිදුව හා ගමනාගමනය සඳහා සූදානම්ව තබා ගැනීමේ කාර්ය මණ්ඩලයට එක්වීම සඳහා ‘බස් රථ පිරිසිදු කිරීමේ සහායක’ තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

ඒකල, කඩවත, රත්මලාන සහ තලංගම යන ඩිපෝ පරිශ්‍රයන්හි පවතින පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

අපේක්ෂකයන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 06ක් සමත් වී තිබිය යුතු අතර, ඉන් විෂයයන් 02කට සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාර්ය සුදුසුකමක් ලෙස දක්වා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා 070 680 8300 දුරකථන අංකය ඇමතිය හැකිය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න