ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.
දින 10ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා ටී.වී. දෙරණ නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙයි.
27 වැනි වරට පැවැත්වෙන මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දේශීය මෙන්ම විදේශීය පොත්පත් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ.
මේ අතර, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාඨක ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාඉල්ලා සිටින්නේ ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි.




