හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

විදෙස් සිසුන්ගේ පවුල් ගෙන්වීමට ඔස්ට්‍රේලියාවෙන් සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, බොහෝ විදේශීය සිසුන්ට තම ස්වාමිපුරුෂයා,…

By Site Administrator1 මිනිත්තු කියවීම
විදෙස් සිසුන්ගේ පවුල් ගෙන්වීමට ඔස්ට්‍රේලියාවෙන් සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, බොහෝ විදේශීය සිසුන්ට තම ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් ඔවුන්ගේ වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති. කෙසේ වෙතත්, පැසිෆික් සහ ASEAN රටවල සිසුන්ට මෙන්ම ආචාර්ය උපාධි (PhD) වැනි ඇතැම් පාඨමාලා හදාරන සිසුන්ට ව්‍යතිරේක ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් අද (17) නව සංක්‍රමණික ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අමතරව, තාවකාලික වීසා මත සිටින පුද්ගලයින්ට වෙනත් වීසා කාණ්ඩ වෙත මාරුවීම සම්බන්ධයෙන්ද නීති දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

රජයේ ඉලක්කය වී ඇත්තේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය 2028 වන විට පුද්ගලයින් 225,000ක් දක්වා අඩු කිරීමයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න