අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.
45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.




