හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

හෝර්ටන්තැන්නට නව සංරක්ෂණ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයෙන් හෙබි ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය සංරක්ෂණය කරමින් එහි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණ…

By Site Administrator1 මිනිත්තු කියවීම
හෝර්ටන්තැන්නට නව සංරක්ෂණ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයෙන් හෙබි ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය සංරක්ෂණය කරමින් එහි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම හෝර්ටන්තැන්න උද්‍යාන භාරකරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීහු එක්ව සිටියහ.

හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය සහ නරඹන්නන් කළමනාකරණය කිරීම සඳහා පට්ටිපොළ සිට හෝර්ටන්තැන්න දක්වා වන මාර්ගයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයට ඇතුළු වන ස්ථානය ආසන්නයට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරය ගෙන ඒමට යෝජනා විය.

වනජීවී හා වන සංරක්ෂණ කලාප තුළ සිදුවන නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම්, කැලිකසල බැහැර කිරීම, ශබ්ද දූෂණය සහ සතුන් දඩයම් කිරීම වැනි හානි පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මාස හයක පරිවාස නිරීක්ෂණ කාලයක් ලබා දීමට ද තීරණය කෙරිණි.

ඉදිරි මාස හය තුළ එම කලාපවල සිදුවන පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රවේශ පත්‍ර කවුන්ටර පහළ පිවිසුම් කලාප වෙත කඩිනමින් ගෙන ගොස් දැඩි මාර්ග සහ පිවිසුම් පාලනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න