මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 27 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,517,296ක් ලෙස වාර්තා වී ඇති බවයි.
මේ අතර, අගෝස්තු 01 වැනිදා සිට 27 වැනිදා දක්වා පමණක් සංචාරකයින් 173,878ක් මෙරටට පැමිණ තිබේ.
අගෝස්තු මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 41,781කි.
දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 18,197කි. තෙවැනියට චීනයෙන් සංචාරකයින් 11,368ක් පැමිණ තිබේ.
මේ වසරේ ගතවූ කාලය තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 380,011කි.
එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 148,598ක් සහ චීනයෙන් 99,875ක් මෙරටට පැමිණ ඇත.
වසරේ ගතවූ කාලය තුළ මාසිකව වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 279,328කි.




