හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

නවසීලන්තයේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ. මෙම යෝජිත නී…

By Site Administrator1 මිනිත්තු කියවීම
නවසීලන්තයේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.

මෙම යෝජිත නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට ගිණුම් පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙන සමාජ මාධ්‍ය සමාගම් සඳහා දැඩි දඩ මුදල් පැනවීමට ද පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, නීති උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය සමාගම්වල ගෝලීය ආදායමෙන් සියයට 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට හැකි වන පරිදි නීති සකස් කිරීමට යෝජනා කර තිබේ.

ළමුන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි අවදානම්වලින් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගැනීමට නවසීලන්ත රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න