හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

මහනුවර ඇසළ පෙරහරේ තෙවන කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. 2026.08.20 වන දින පැවැත්වෙන තෙව…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහනුවර ඇසළ පෙරහරේ තෙවන කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

2026.08.20 වන දින පැවැත්වෙන තෙවන කුඹල් පෙරහර එදින පස්වරු 6.53ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට පැමිණීමට නියමිතය.

පෙරහර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1.25කි.

පෙරහර කාලය තුළ මාර්ග බාධක යෙදීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම ඇතුළු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා නගරයට පැමිණිය හැකිය. සැහැල්ලු වාහන සඳහාද විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සඳහා සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ ගමන් කිරීමට හැකි අතර, කොළඹ දෙසින් මහනුවරට පැමිණීමට සහ මහනුවරින් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය මාර්ගය භාවිත කළ හැකිය.

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න