හදිසි
Island edition
··
LankaNews
ක්‍රීඩා

අන්තර් පොලිස් බොක්සිං තරඟාවලිය 23 සිට

අන්තර් පොලිස් කොට්ඨාස සෞබිගින් (Dawbiggin) අභියෝගිතා කුසලාන බොක්සිං තරඟාවලිය 2026 ජූලි 23, 24 සහ 25 යන දිනවල කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලීය බොක්සිං වළල්ලේදී පැවැත්වීමට නියමිතය. කාන්තා සහ පිරිමි අං…

By Site Administrator1 මිනිත්තු කියවීම
අන්තර් පොලිස් බොක්සිං තරඟාවලිය 23 සිට

අන්තර් පොලිස් කොට්ඨාස සෞබිගින් (Dawbiggin) අභියෝගිතා කුසලාන බොක්සිං තරඟාවලිය 2026 ජූලි 23, 24 සහ 25 යන දිනවල කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලීය බොක්සිං වළල්ලේදී පැවැත්වීමට නියමිතය.

කාන්තා සහ පිරිමි අංශ යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය ජූලි 23 වන දින පස්වරු 6.00ට පොලිස් විශේෂ කාර්යාංශය සහ පුහුණු හා උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම බොක්සිං තරඟාවලිය ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහභාගී කරවන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න