හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

මාර්ග අනතුරුවලින් 30%කට සුනඛයන් සම්බන්ධයි

ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මාර්ග අනතුරුවලින් 30%කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් සම්බන්ධ වී ඇති බව Veterinary Association for Animal Catch Management පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා…

By Site Administrator2 මිනිත්තු කියවීම
මාර්ග අනතුරුවලින් 30%කට සුනඛයන් සම්බන්ධයි

ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මාර්ග අනතුරුවලින් 30%කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් සම්බන්ධ වී ඇති බව Veterinary Association for Animal Catch Management පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට දැඩි බරක් වී ඇති බවයි.

සුනඛයකු සපාකෑම හේතුවෙන් ජලභීතිකා එන්නත් ලබාදීම සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඔහු පවසා ඇත.

මංමාවත්වල සිටින සුනඛයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියා සහ සමාජ වගකීමක් නොමැතිකම බව වෛද්‍ය නානායක්කාර පෙන්වා දී තිබේ. නිසි ලෙස කළමනාකරණය නොකරන කුණු කසළ මත අතහැර දැමූ සතුන් යැපීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දී ඇති බවද වෛද්‍ය නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, හිමිකරුවකු සිටින සෑම සුනඛයකුම අදාළ ප්‍රාදේශීය සභාවේ අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු අතර, හිමිකරුවන් හෝ භාරකරුවන් නොමැති වීදි සුනඛයන්ගේ සෘජු වගකීම ප්‍රාදේශීය බලධාරීන් වෙත පැවරෙන බව ඔහු සඳහන් කර ඇත.

එම සතුන් එන්නත් කිරීම සහ වන්ධ්‍යකරණය කිරීමේ පූර්ණ වගකීම රජය විසින් භාරගන්නා බවත්, එමගින් මාර්ගවල සිටින කිසිදු සුනඛයකු අසරණ නොවන තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකි වන බවත් ඔහු අවධාරණය කර තිබේ.

සත්ව සුභසාධනය සහ මහජන ආරක්ෂාව යන අංශ දෙක අතර සමබරතාවක් ඇති කරන සංකල්පයක් ලෙස මෙම නව නීතිමය රාමුව හඳුන්වා දී ඇති බවද වෛද්‍ය චමිත් නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න