පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම 11.5%කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් වූ සංචාරක ආදායම මෙම වසරේ අදාළ කාලසීමාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,796.7ක් දක්වා අඩු වී තිබේ.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් වූ සංචාරක ආදායම මෙම වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 285.5ක් දක්වා පහළ ගොස් ඇත.
කෙසේවෙතත්, මෙම කාලසීමාව තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ පළමු මාස හත තුළ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලසීමාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8,382.4ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවද, පසුගිය වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් වූ විදේශ ප්‍රේෂණ මෙම වසරේ ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි.




