හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප 1 සහ 2 වසා දමයි

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. අද (07) පැවැති ‘BIG FOCU…

By Site Administrator1 මිනිත්තු කියවීම
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප 1 සහ 2 වසා දමයි

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ.

අද (07) පැවැති ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල මරරත්න මහතා සඳහන් කළේ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සතුන්ට ජල හිඟය මෙන්ම තාප ආතතියද දැඩි ලෙස බලපා ඇති බවයි.

එමෙන්ම, සංචාරක ජීප් රථ විශාල සංඛ්‍යාවක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් සමඟ පවතින තත්ත්වය යටතේ වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුව ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාල කලාප අංක 01 සහ 02 මෙන්ම මන්නාරම සහ විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානයෙන් කටයුතු කරමින් සිටින බව මංජුල මරරත්න මහතා සඳහන් කළේය.

අවශ්‍ය අවස්ථාවලදී අදාළ වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන්ට සහ නිලධාරීන්ට තාප ආතතියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න