පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට විමසීම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.
පොලිස් මූලස්ථානයේ පොලිස් නිෂ්කාශන අංශය සඳහන් කළේ මෙම නව පහසුකම 2026 සැප්තැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, අයදුම්කරුවන්ට තම පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධ අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට සහ විමසීම් සිදු කිරීමට WhatsApp පණිවිඩ හරහා හැකියාව ලැබේ.
මේ සඳහා පොලිස් නිෂ්කාශන අංශය සම්බන්ධ කරගත හැකි WhatsApp අංකය 071-8595950 වේ.
මෙම අංකය WhatsApp පණිවිඩ සඳහා පමණක් භාවිත කළ හැකි බව පොලිසිය අවධාරණය කර තිබේ.




