පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.
අද (26) පෙරවරු 9.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (27) පෙරවරු 9.00 දක්වා බලපැවැත්වේ.
දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම – අවධානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර දිස්ත්රික්කය: වළල්ලාවිට සහ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
කෑගල්ල දිස්ත්රික්කය: දෙහිඕවිට සහ ගලිගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව කෝරළේ සහ නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම – විමසිලිමත්ව සිටින්න (කහ)
ගාල්ල දිස්ත්රික්කය: තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය.
ගම්පහ දිස්ත්රික්කය: අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය.
කළුතර දිස්ත්රික්කය: මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
මහනුවර දිස්ත්රික්කය: උඩුදුම්බර, පස්බාගේ කෝරළේ, උඩපලාත සහ උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
කෑගල්ල දිස්ත්රික්කය: කෑගල්ල, මාවනැල්ල, දෙහිඕවිට, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
කුරුණෑගල දිස්ත්රික්කය: නාරම්මල සහ කුරුණෑගල ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
රත්නපුර දිස්ත්රික්කය: කිරිඇල්ල සහ ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
නායයෑම් අවදානම් සහිත ප්රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දෙනු ලැබේ.




