නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලාගොස් සිටි අයකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2026 නොවැම්බර් 10 වැනිදා නුවරඑළිය පොලිස් බලප්‍රදේශයට අයත් මාගස්තොට ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත 2026 නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේ නුවරඑළිය බස් නැවතුම්පොළ අසලදී අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි තෙරිපහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, 2026 නොවැම්බර් 10 වැනිදා තෙරිපහ පොලිස් බලප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් පලාගොස් සිටි, සොයමින් සිටි සැකකරුවකු බව ද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




