2026 වසරේ ජූලි මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වැනිදාට පෙර ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.
බදු නොගෙවීම හෝ නියමිත දිනට පසුව ගෙවීම සඳහා දඩ නියම කරන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
චෙක්පතකින්, බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදුකරන ගෙවීමක් නියමිත දිනයෙන් පසුව ලැබීමද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, ජූලි මාසයට අදාළ VAT වාර්තා අගෝස්තු 31 වැනිදා හෝ ඊට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම රඳවාගත් බදු අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ගෙවන ලෙසද බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.
ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දද අගෝස්තු 20 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිහිපත් කරයි.




