හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

USS Tulsa නෞකාව කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa ප්‍රහාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) කොළඹ වරායට ළඟා වී තිබේ. වසර දෙකක් ඇතුළත එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි දෙවන අවස්ථාව මෙයයි. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති ක…

By Site Administrator1 මිනිත්තු කියවීම
USS Tulsa නෞකාව කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa ප්‍රහාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) කොළඹ වරායට ළඟා වී තිබේ.

වසර දෙකක් ඇතුළත එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ‘Independence-variant’ මාදිලියට අයත් මෙම ප්‍රහාරක නෞකාව ඉන්දු-පැසිෆික් කලාපයේ ඉදිරි මෙහෙයුම් සඳහා පිටත්ව යාමට පෙර කොළඹ වරායේදී ඉන්ධන සහ අවශ්‍ය සැපයුම් ලබාගැනීමට නියමිත බවයි.

‘USS Tulsa’ නෞකාව මීට පෙර 2025 වසරේ අගෝස්තු මාසයේදීද කොළඹ වරායට පැමිණ තිබිණි.

මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් සඳහන් කළේ ඇමෙරිකානු නාවික නෞකාවල මෙවැනි පැමිණීම් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නාවිකයින් අතර සබඳතා වර්ධනය කිරීමටත් විශාල පිටුවහලක් වන බවයි.

මෙවැනි සංචාර මගින් දෙරට අතර විශ්වාසය ගොඩනැගෙන බවද ඔහු අවධාරණය කළේය.

ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම, මුහුදු තීරයේ බලය තහවුරු කිරීම සහ සහකාර රටවල් සමඟ එක්ව මෙහෙයුම් සිදුකිරීම සඳහා USS Tulsa නෞකාව විශේෂයෙන් නිර්මාණය කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න