ඉදිරියේදී විවෘත පත්‍රිකා (Open Papers) යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වාහනයක් පැවරීමේදී පැවරුම්කරු සහ පැවරුම්ලාභියා විසින් ‘MTA 6’ නමැති අදාළ ලේඛනයට අත්සන් තබා, එහි නියමිත පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවයි.
වාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සහ එවැනි වංචනික ක්‍රියාවල නිරත පුද්ගලයන්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.




