දිවයින පුරා ඉන්ධන හිඟයක් හෝ බෙදාහැරීමේ බාධාවක් නොමැති බැවින් කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරි මහතා පවසා ඇත්තේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් නියමිත වේලාවට ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක පෝලිම් දක්නට ලැබුණු බවයි.
ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොමිස් මුදල් ගණනය කිරීමේ සූත්‍රය සංශෝධනය කළ යුතු බවයි.
වත්මන් සූත්‍රය මගින් කඳුකර සහ දකුණු පළාත්වලට අදාළ ප්‍රවාහන කොමිස් ගාස්තු නිසි ලෙස සලකා බලා නොමැති බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් සංගමය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, මගහැරී ඇති කොමිස් කොටස්ද ඇතුළත් කරමින් අදාළ සූත්‍රය සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




