හදිසි
Island edition
··
LankaNews
තාක්ෂණය

සිම් කාඩ්පත් නියාමනය දැඩි කිරීමට TRC සැලසුම් කරයි

අවිධිමත් ක්‍රම මගින් ලබාගත් සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බැවින්, සිම් කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නව නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව…

By Site Administrator1 මිනිත්තු කියවීම
සිම් කාඩ්පත් නියාමනය දැඩි කිරීමට TRC සැලසුම් කරයි

අවිධිමත් ක්‍රම මගින් ලබාගත් සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බැවින්, සිම් කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නව නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පැවසුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉල්ලීම මත සිම් කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි යාවත්කාලීන කළ බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ක්‍රමවේදය යටතේ, මේ වසර අවසන් වන විට නව සිම් කාඩ්පත් ලබාගන්නා පුද්ගලයන් සඳහා සජීවී ඡායාරූපයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, 2027 වසරේදී සිම් කාඩ්පත් භාවිත කරන සියලු පාරිභෝගිකයන්ගේ අනන්‍යතාව සියයට සියයක් තහවුරු කළ හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය සාමාන්‍ය ජනතාවට මෙන්ම විදේශිකයන්ටද අපහසුතාවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

දැනට රට තුළ සිම් කාඩ්පත් මිලියන 30කට ආසන්න සංඛ්‍යාවක් භාවිත වන බවත්, සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලි පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න