Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා හරහා මුදල් ඉපැයීමේ (Monetization) ක්‍රම හඳුන්වාදීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නොමැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී.
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම හෝ ඔවුන්ගේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අගය කිරීමේ අරමුණින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මෙවැනි වීඩියෝ වාණිජ අරමුණු සඳහා භාවිත කරන අවස්ථා නිරීක්ෂණය වී තිබේ.
මෙවැනි වීඩියෝ සහ Vlogs හරහා දරුවන්ගේ දෛනික ජීවිතය පිළිබඳ තොරතුරු අන්තර්ජාලය හරහා නාඳුනන පුද්ගලයන්ට හෙළිදරව් වීම ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි අවදානමක් ඇති කළ හැකිය.
එමෙන්ම, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් නුසුදුසු හෝ ලිංගික අන්තර්ගත නිර්මාණය කිරීම සඳහා අන්තර්ජාලයට එක් කර ඇති දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ මූලාශ්‍ර ලෙස භාවිත කළ හැකි අවදානමක් ද පවතී.
එබැවින්, මෙවැනි අවදානම් තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී දෙමාපියන් සහ දරුවන්ගේ රැකවරණය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනා වැඩි අවබෝධයකින් හා වගකීමෙන් කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.




