හදිසි
Island edition
··
LankaNews
තාක්ෂණය

පූර්ව ළමාවියේ දරුවන්ගේ තිර භාවිතය ඉහළට

මෙරට පූර්ව ළමාවියේ පසුවන දරුවන්ගේ ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක තිර නරඹමින් කාලය ගත කරන බව සමීක්ෂණ…

By Site Administrator2 මිනිත්තු කියවීම
පූර්ව ළමාවියේ දරුවන්ගේ තිර භාවිතය ඉහළට

මෙරට පූර්ව ළමාවියේ පසුවන දරුවන්ගේ ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක තිර නරඹමින් කාලය ගත කරන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කුඩා දරුවන් ඩිජිටල් තිරයක් දෙස බැලිය යුත්තේ දිනකට විනාඩි 30කට අඩු කාලයක් වුවද, මෙරට දරුවන්ගෙන් සියයට 64ක් එම සීමාව ඉක්මවා දිනපතා ජංගම දුරකථන හෝ පෑඩ් භාවිත කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, කුඩා දරුවන්ගේ නින්ද, ආහාර ගැනීමේ පුරුදු, මුඛ සෞඛ්‍යය සහ පියවරුන්ගේ දායකත්වය සම්බන්ධයෙන්ද සමීක්ෂණයේදී කරුණු රැසක් අනාවරණය වී තිබේ.

  • නින්ද: පූර්ව ළමාවියේ දරුවන්ගෙන් සියයට 32ක් පමණ දිනකට නිර්දේශිත පැය 10–11කට වඩා අඩු කාලයක් නිදා ගනී.

  • ආහාර ගැනීමේ පුරුදු: දරුවන්ගෙන් සියයට 43ක් පමණ තිර දෙස බලමින් ආහාර ගන්නා අතර, එමගින් තමන් ගන්නා ආහාර පිළිබඳ නිසි අවධානයක් නොමැති බව සඳහන් වේ.

  • මුඛ සෞඛ්‍යය: දරුවන්ගෙන් සියයට 80ක් පමණ දිනකට දෙවරක් දත් මදින බව සමීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

  • පියවරුන්ගේ දායකත්වය: දරුවන් රැකබලා ගැනීම මවගේ පමණක් වගකීමක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් පවතින අතර, දරුවන් සමඟ සමීපව කටයුතු කරන්නේ පියවරුන්ගෙන් සියයට 53ක් පමණක් බව අනාවරණය වී තිබේ.

දරුවන්ගේ මානසික හා ශාරීරික වර්ධනය වෙනුවෙන් මෙම තත්ත්වයන් වෙනස් කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න