AI තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සමාගම් ප්‍රධානීන් අනතුරු ඇඟවීමත් සමඟ ලොව පුරා AI ආශ්‍රිත සමාගම්වල කොටස් මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ.
Anthropic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Dario Amodei පසුගියදා ප්‍රකාශ කළේ AI සංවර්ධනයේ වේගය තරමක් අඩු කර, එමගින් ඇති විය හැකි අවදානම් කළමනාකරණය කිරීමට වැඩි කාලයක් ලබාදිය යුතු බවයි.
OpenAI ප්‍රධාන විධායක නිලධාරී Sam Altman සහ xAI සමාගමේ ප්‍රධානී Elon Musk ද AI සංවර්ධනය සම්බන්ධ අවදානම් පිළිබඳ එකඟතාව පළ කර තිබේ.
මේ අතර, AI තාක්ෂණය අතිශය භයානක මට්ටමකට වර්ධනය වුවහොත් එය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි “කිල් ස්විච්” ක්‍රමයක් සමාගම්වලට අනිවාර්ය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
Anthropic සමාගමේ සම-නිර්මාතෘ Jack Clark මෙන්ම අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් ද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති Donald Trump මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කරමින් පවසා ඇත්තේ AI මගින් මිනිස් වර්ගයා විනාශ වනු ඇතැයි පළවන අනතුරු ඇඟවීම් ප්‍රෝඩාවක් බවයි.




