1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නිරත වන බවත් එය පවත්වාගෙන යමින් ප්‍රවර්ධනය කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සිදුකළ විමර්ශනයේදී TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන බව අනාවරණය වූ බවයි.
ඒ අනුව, බැංකු පනත යටතේ තහනම් කරන ලද ආයතන සහ යෙදවුම් ලැයිස්තුවට TM App යෙදවුම අලුතින් ඇතුළත් කර තිබේ.
යාවත්කාලීන කරන ලද එම ලැයිස්තුවට මේ වන විට ආයතන සහ යෙදවුම් 26ක් ඇතුළත් වේ.
Qnet/Questnet, MTFE, OnmaxDT, Fruugo Online, Beecoin App, Windex Trading, Smart Win Entrepreneur, Infinity Rover (Pvt) Ltd සහ TM App එම ලැයිස්තුවට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත.




