සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සහ ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිසිදු තහවුරු කිරීමකින් තොරව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (18) සිදු කළ බවයි.
අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා තහවුරු නොකළ තොරතුරු ප්‍රකාශ කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එමගින් මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ TID නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.




