හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

‘MSC Elsa 3’ ප්ලාස්ටික් කැට 43 බහාලුම් ඉවත් කෙරේ

ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය ‘MSC Elsa 3’ නෞකාවෙන් මුහුදට එක්ව වෙරළට ගොඩගැසුණු ප්ලාස්ටික් පෙලට් (ප්ලාස්ටික් කැට) බහාලුම් 43කට අධික සංඛ්‍යාවක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අ…

By Site Administrator··1 මිනිත්තු කියවීම
‘MSC Elsa 3’ ප්ලාස්ටික් කැට 43 බහාලුම් ඉවත් කෙරේ

ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය ‘MSC Elsa 3’ නෞකාවෙන් මුහුදට එක්ව වෙරළට ගොඩගැසුණු ප්ලාස්ටික් පෙලට් (ප්ලාස්ටික් කැට) බහාලුම් 43කට අධික සංඛ්‍යාවක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

යාපනය දූපත්වල සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරයන්ට මෙම ප්ලාස්ටික් කැට අඛණ්ඩව ගොඩගසමින් පවතින අතර, මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේය.

ප්ලාස්ටික් කැට ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා කම්කරුවන් 1,800කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, එම වියදම් අදාළ නෞකා සමාගම විසින් දරනු ලබන බවද ඔහු පැවසීය.

මේ අතර, නෞකාව ගිලී යාමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය සඳහා අය කළ යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවද රැස්වී ඇති බව සඳහන් වේ.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ ‘MSC Elsa 3’ බහාලුම් නෞකාව 2025 මැයි 25 වන දින ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් පමණ ඔබ්බෙන් ජල කාන්දුවක් හේතුවෙන් ගිලී ගියේය. අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ බහාලුම් 643ක් තිබිණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න