අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නිලධාරී කණ්ඩායමක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම නියෝජිත පිරිස සැප්තැම්බර් 23 වැනිදා දක්වා දින 14ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව තිබේ.
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ ඒකාබද්ධ සත්වැනි සමාලෝචනය සිදුකිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
සංචාරය අතරතුර IMF නියෝජිතයන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් හමුවීමට නියමිතය.
එහිදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධනයට අදාළ ප්‍රතිසංස්කරණ සහ රටේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.




