හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

FBC පරීක්ෂණයට වැඩිපුර අය කළ රෝහලට ලක්ෂ 30ක දඩයක්

රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා FBC (Full Blood Count) පරීක්ෂණ සඳහා මුදල් අයකිරීම හේතුවෙන් යාපනයේ Venus Speciality Hospital (Pvt) Ltd රෝහලට රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු…

By Site Administrator··1 මිනිත්තු කියවීම
FBC පරීක්ෂණයට වැඩිපුර අය කළ රෝහලට ලක්ෂ 30ක දඩයක්

රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා FBC (Full Blood Count) පරීක්ෂණ සඳහා මුදල් අයකිරීම හේතුවෙන් යාපනයේ Venus Speciality Hospital (Pvt) Ltd රෝහලට රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නීතිමය රෙගුලාසි අනුව පෞද්ගලික රසායනාගාර සහ රෝහල් මඟින් FBC පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400ක් වන නමුත්, අදාළ රෝහල මඟින් පාරිභෝගිකයන්ගෙන් රුපියල් 550 බැගින් අයකර ඇති බව අනාවරණය වී ඇත.

2026 ජූලි 13 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම වැඩිපුර මුදල් අයකිරීම අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, 2026 ජූලි 21 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී රෝහල් කළමනාකාරීත්වය වරද පිළිගෙන ඇත.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රෝහලට රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කර ඇති අතර, සිදුකළ වරද සම්බන්ධයෙන් රෝහලේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසටද නියෝග කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න