හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
ව්‍යාපාර

Facebook ඇතුළු Meta සේවාවල බිඳවැටීමක්

Facebook, Messenger සහ Instagram ඇතුළු Meta සමාගමේ සේවාවල තාවකාලික තාක්ෂණික ගැටලුවක් ඇති වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අද (19) ඇති වූ මෙම ගැටලුව හේතුවෙන් පරිශීලකයින් රැසකට සිය ගිණුම් වෙත ප්…

By Site Administrator··1 මිනිත්තු කියවීම
Facebook ඇතුළු Meta සේවාවල බිඳවැටීමක්

Facebook, Messenger සහ Instagram ඇතුළු Meta සමාගමේ සේවාවල තාවකාලික තාක්ෂණික ගැටලුවක් ඇති වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අද (19) ඇති වූ මෙම ගැටලුව හේතුවෙන් පරිශීලකයින් රැසකට සිය ගිණුම් වෙත ප්‍රවේශ වීමට අපහසුතා මතුව ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් Meta සමාගමේ Facebook වේදිකාවේ ඩෙස්ක්ටොප් (Desktop) අනුවාදයට මෙම ගැටලුව වැඩි වශයෙන් බලපා ඇති බව සඳහන් වේ.

පරිශීලකයින් ගිණුම් වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිණුම දැනට ලබාගත නොහැකි බවත්, මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කරන ලෙසත් දැනුම්දීමක් දිස්වී ඇති බව වාර්තා වේ.

මේ අතර, සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන DownDetector වෙබ් අඩවිය සඳහන් කළේ අද පෙරවරු 9.00 පමණ වන විට “Facebook Down” සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණික ගැටලුවට හේතුව සම්බන්ධයෙන් Meta සමාගම මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න