හදිසි
Island edition
··
LankaNews
දේශීය

අනුරාධපුරයේ අනතුරකින් 10 හැවිරිදි දැරියක් මරුට

අනුරාධපුර, දහයියාගම වටරවුමේ සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය…

By Site Administrator1 මිනිත්තු කියවීම
අනුරාධපුරයේ අනතුරකින් 10 හැවිරිදි දැරියක් මරුට

අනුරාධපුර, දහයියාගම වටරවුමේ සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විජයපුර ප්‍රදේශයේ පදිංචි සම්මානි තරුණිමා ඒකනායක නමැති 10 හැවිරිදි දැරියකි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

යතුරුපැදිය පැදවූ කාන්තාව දැරිය ද සමඟ දහයියාගම වටරවුමේ සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ වම් පසින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේදී අනුරාධපුරයේ සිට තුරුවිල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථය පිටුපසින් පැමිණ යතුරුපැදියේ ගැටී ඇති බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න