හදිසි
Island edition
··
LankaNews
දේශීය

‘ජනවරමේ පුරවැසියෝ’ සංවිධානයෙන් විරෝධතාවක්

‘ජනවරමේ පුරවැසියෝ’ සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (17) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. ‘දූෂිතයන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කරමු’ යන තේමාව යටතේ පැවති මෙම විරෝධත…

By Site Administrator1 මිනිත්තු කියවීම
‘ජනවරමේ පුරවැසියෝ’ සංවිධානයෙන් විරෝධතාවක්

‘ජනවරමේ පුරවැසියෝ’ සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (17) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

‘දූෂිතයන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කරමු’ යන තේමාව යටතේ පැවති මෙම විරෝධතාවයේදී, දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට දරන බව කියන උත්සාහයන් විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්විය.

විරෝධතාකරුවන් මුලින් කොළඹ කොටුව ප්‍රදේශයේ රැස්වීමෙන් අනතුරුව, ගාලු මුවදොර දෙසට පාගමනින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න