හදිසි
Island edition
··
LankaNews
දේශීය

අඟහරුවාදා වනවිට ගෑස් හිඟය අවසන්

වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වනවිට සම්පූර්ණයෙන්ම විසඳීමට හැකි වනු ඇති බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින දෙක තුළ…

By Site Administrator1 මිනිත්තු කියවීම
අඟහරුවාදා වනවිට ගෑස් හිඟය අවසන්

වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වනවිට සම්පූර්ණයෙන්ම විසඳීමට හැකි වනු ඇති බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින දෙක තුළ ගෑස් බෙදාහැරීම සිදු නොකිරීම හේතුවෙන් මෙම හිඟය ඇති වූ බවයි.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ (16) මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කළ බව සභාපතිවරයා සඳහන් කළා.

අද (17) දිනයේදී ද එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, හෙට දිනයේදී තවත් සිලින්ඩර 85,000ක් බෙදාහැරීමට නියමිතයි.

එමෙන්ම, ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය සඳහන් කළේ මේ මස 20 සහ 24 යන දිනවලදී ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

මෙට්‍රික් ටොන් 3,800ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායටත්, මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායටත් පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න