හදිසි
Island edition
··
LankaNews
දේශීය

පොල්ගහවෙල–පේරාදෙණිය අතර නව දුම්රිය සේවයක්

පාසල් සිසුන් ඇතුළු මගීන්ගේ පහසුව සඳහා පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර නව දුම්රිය සේවයක් අද (12) සිට ආරම්භ කර තිබේ. දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වීමෙන් පසු, උඩරට දුම්රිය මාර්ගයේ රඹු…

By Site Administrator1 මිනිත්තු කියවීම
පොල්ගහවෙල–පේරාදෙණිය අතර නව දුම්රිය සේවයක්

පාසල් සිසුන් ඇතුළු මගීන්ගේ පහසුව සඳහා පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර නව දුම්රිය සේවයක් අද (12) සිට ආරම්භ කර තිබේ.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වීමෙන් පසු, උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 වැනිදා යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වන විට එම කොටසේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

ඒ අනුව, පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් ඇතුළු අනෙකුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් අද සිට දිනපතා මෙම නව දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න