පනාගොඩ ප්‍රදේශයේදී 65 හැවිරිදි පදිකයෙකු අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) රාත්‍රියේ මන්ත්‍රීවරයා ධාවනය කළ මෝටර් රථය පදිකයාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




