ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතය.
දඬුවම් විඳිමින් අත්අඩංගුවේ පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම කරුණ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට පියවර ගෙන ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සඳහන් කළේ සාකච්ඡාව අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි.




