දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 03 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.




