ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ව්‍යාජව සකස් කරන ලද තාවකාලික රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව, 2026.10.04 වන දින උදෑසන වේරහැර පොලිස් වසමේ වේරහැර ජනාතා මාවත ප්‍රදේශයේදී ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කළ බවට සැක කෙරෙන සැකකරුවෙකු සහ සැකකාරියක් ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍රයක් සමඟ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකාරිය 43 හැවිරිදි අතර සැකකරු 49 හැවිරිදි වේරහැර, ජනාතා මාවත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.
වැඩිදුර විමර්ශනවලදී, සැකකරු සහ සැකකාරිය විසින් වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




