2026.09.27 වන දින බද්දේගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, 2026.10.04 වන දින අලුයම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පැය 48ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




