හදිසි
Island edition
··
LankaNews
දේශීය

වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

2026.10.04 වන දින අලුයම අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.…

By Site Administrator1 මිනිත්තු කියවීම
වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

2026.10.04 වන දින අලුයම අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව, එදින දහවල් අහුන්ගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මෙම අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝලයක් ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න