හදිසි
Island edition
··
LankaNews
දේශීය

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (05) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරය…

By Site Administrator1 මිනිත්තු කියවීම
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (05) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න