හදිසි
Island edition
··
LankaNews
දේශීය

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ 10කට නොතීසි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නොතී…

By Site Administrator1 මිනිත්තු කියවීම
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ 10කට නොතීසි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නොතීසි නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය කිරීම සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කළ වාර්තාවක් අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න